හඳුන්වාදීම                                                            

MS Manufacturers ……යනු ස්පීකර් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ගෞරවනීය නාමයක් දිනා ඇති සමාගමකි. නිෂ්පාදකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව තුල අප ඉතා ඉහල නමක් දිනා සිටින්නේ බෙහෙවින්ම උසස් තත්වයේ අමු ද්‍රව්‍ය භාවිතා කරන නිසාවෙනි. මලයාසියාවෙන් ආනයනය කරන ලද ප්ලයි වුඩ් යොදා කරනු ලබන නිශ්පාදන බොහෝමයකි.

අපගේ පාරිභෝගිකයින් වෙත අප ලබාදෙනුයේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන ලද Cerwin-Vega! ස්පීකර් පෙට්ටි පමණි. කල්පැවැත්ම හා ප්‍රමිතිය අතින් වෙලඳපොල සුවිශේෂී ස්ථානයක් හිමිකර ගැනීමට අපට උපකාරී වූ මූලික සාධකය එයයි.

දිනෙන් දින වැඩිදියුණුවන කීර්තිමත් පාරිභොගික පදනමක් නිර්මාණය කිරීමට අපට හැකි වී ඇත්තේ දිවයින පුරා පැතිර ඇති අපගේ සේවාවයි. ඉතා විශාල පරිමාණයේ ශබ්ද විකාශන උපකරණ සපයන ආයතනයන්ට මෙන්ම කුඩා පරිමාණයේ සංගීත කණ්ඩායම් සඳහාද තත්වයෙන් උසස් ස්පීකර් පෙට්ටි ඉතා අවම මිල ගනන් යටතේ පයමින් අපගේ නොමසුරු දායකත්වය ලබා දේ. 

අපගේ කාර්‍යභාරය මෙම ස්පීකර් පෙට්ටි සැපයීම පමණක් නොවේ. එක් එක් අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් භාණ්ඩ සැපයීම, අලෙවියෙන් පසු සේවය සහ තාක්ෂණික උපදේශනයද අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත පිරිනමනු ලබන්නේ, එය සේවය හා බැඳුනු අපේ යුතුකමක් ලෙස සලකමිනි.

තත්ත්ව ආරක්ෂණය සහ වගකීම              

අපගේ වෘත්තිමය අධීක්ෂණය යටතේ මෙරට නිශ්පාදිත සියලු උපකරණ දේශීය කාලගුණික තත්ත්වයන්ට හා කම්පන මට්ටම්වලට ඔරොත්තු දෙන අයුරින් ජාත්‍යන්තර මිනුම් ප්‍රමිතීන්ට හා රීතීන්ට අනුව තනන ලද ඒවාය. නිශ්පාදන ක්‍රියාවලියේදී සියලු අමුද්‍රව්‍ය භාවිතා කෙරෙනුයේ ජාත්‍යන්තර මඟපෙන්වීම් හා තත්ත්වයන්ට අනුකූලවය. සියලු නිෂ්පාදන ඔබ අතට පත්වන්නේ ගුණාත්මක භාවය පිලිබඳ වගකීමක්ද සහිතව ය.